Idalgashinna - සුන්දර ඉදල්ගස්හින්න Camping
Dimuthu Dissanayake රටේ ප්‍රශ්න මැද්දේ ඉදල්ගස්හින්න Camping🌱🚆 ආතල් ගොඩක් 😅 , පුදුම ලස්සනක් , මාරම නිදහසක් 🥰 අපි ගමන පටන් ගත්තේ කැකිරාවෙන්.😗 කාලෙක ඉදන් ප්ලෑන් කර කර හිටියට දැන් තමා ඔන්න යන්න හම්බුනේ.😚 යාළුවෝ ගොඩක් යන්න ප්ලෑන් කලාට අන්තිමට අපි පස් දෙනෙක්ට විතරයි යන්න පුළුවන් උනේ.🥲 අපි කලින් දවසේ ඕනෙ බඩුමුට්ටු ටික අරගන ලෑස්ති කරගත්තා.😁 ඊට පස්සෙ යන දවසේ උදේම හතර දෙනෙක් එක තැනකට ආවා නුවරට යන්න බස් එකට නගින්න. 😉 අපි සෑහෙන බයකින් හිටියේ මේ දවස් වල ප්‍රශ්න නිසා බස් නැතිවෙයි කියලා.😐 කොහොම හරි විනාඩි දහයක් ඉද්දි නුවර බස් එකක් ආවා. අපි හතර දෙනා ඒකට නැන්ගට අනිත් යාලුවට එන්න බස් නෑලු.😁 පස්සෙ අපි නුවරට ගිහින් ස්ටේශන් එකේ අනිත් යාළුවා එනකම් බලාගන හිටියා.වාසනාව කියන්නේ එයාටත් වෙලාවටම එන්න පුළුවන් උනා.🥰 ගියපු ගමන්ම ආතල් ඔක්කොම සින්දු කියනවා.😂 Station එකේ මිනිස්සු බලන්නැති මුන්ට පිස්සුද කියලා 😂 අපේ එකෙක් JBL එකෙන් එක පාරටම " වැඩ කරන අපේ විරුවා " සින්දුව දැම්මා කියහන්කෝ ස්ටේශන් එක මැන්දේ 😂. මිනිස්සු බක බක ගාල හිනාවෙන්වා. අපිටත් මොකෝ ආතල්නේ.😂 කොහොමද මිනිස්සු 400ක් 50...