Idalgashinna - සුන්දර ඉදල්ගස්හින්න Camping

 Dimuthu Dissanayake

රටේ ප්‍රශ්න මැද්දේ ඉදල්ගස්හින්න Camping🌱🚆 ආතල් ගොඩක් 😅 , පුදුම ලස්සනක් , මාරම නිදහසක් 🥰 

අපි ගමන පටන් ගත්තේ කැකිරාවෙන්.😗 කාලෙක ඉදන් ප්ලෑන් කර කර හිටියට දැන් තමා ඔන්න යන්න හම්බුනේ.😚 යාළුවෝ ගොඩක් යන්න ප්ලෑන් කලාට අන්තිමට අපි පස් දෙනෙක්ට විතරයි යන්න පුළුවන් උනේ.🥲 අපි කලින් දවසේ ඕනෙ බඩුමුට්ටු ටික අරගන ලෑස්ති කරගත්තා.😁 ඊට පස්සෙ යන දවසේ උදේම හතර දෙනෙක් එක තැනකට ආවා නුවරට යන්න බස් එකට නගින්න. 😉  අපි සෑහෙන බයකින් හිටියේ මේ දවස් වල ප්‍රශ්න නිසා බස් නැතිවෙයි කියලා.😐 කොහොම හරි විනාඩි දහයක් ඉද්දි නුවර බස් එකක් ආවා. අපි හතර දෙනා ඒකට නැන්ගට අනිත් යාලුවට එන්න බස් නෑලු.😁 පස්සෙ අපි නුවරට ගිහින් ස්ටේශන් එකේ අනිත් යාළුවා එනකම් බලාගන හිටියා.වාසනාව කියන්නේ එයාටත් වෙලාවටම එන්න පුළුවන් උනා.🥰 

ගියපු ගමන්ම ආතල් ඔක්කොම සින්දු කියනවා.😂 Station එකේ මිනිස්සු බලන්නැති මුන්ට පිස්සුද කියලා 😂 අපේ එකෙක් JBL එකෙන් එක පාරටම " වැඩ කරන අපේ විරුවා " සින්දුව දැම්මා කියහන්කෝ ස්ටේශන් එක මැන්දේ 😂. මිනිස්සු බක බක ගාල හිනාවෙන්වා. අපිටත් මොකෝ ආතල්නේ.😂 කොහොමද මිනිස්සු 400ක් 500ක් මැන්දේ ඒ සින්දුව දාද්දි තියන ආතල් එක. 😂 

අපි කොහොමහරි යන්න හිටියේ උදේ 8.57ට තියන පොඩි මැණිකේ කෝච්චියේ. අපි ටිකට් අරගන ඉද්දි Announcement එකක් දුන්න පැය බාගයක් Train එක පරක්කු වෙනවා කියලා. 😐 (පස්සේ තමා දන්නේ ඒ කෝච්චියට එක්කෙනෙක් වැටිලා මැරිලා කියලා.🥺 කොළඹ ඉදන් නුවරට එද්දි🥺 )  ඊට පස්සෙ Train එක ආවා. එද්දි නම් පිස්සු වගේ මිනිස්සු ෆුට්බෝඩ් එකෙත් එක්ක එල්ලිලා ආවේ.😂 අපිට තිබ්බ ප්‍රශ්නේ අපි මේ බැග් ඒමත් එල්ලගන දැන් යන්නේ කෝමද කියලා. පස්සෙ මොනා වෙන්නත් එක්ක අපි පස් දෙනා නැන්ගා.😴 නාවලපිටිය හරියෙන් ටික ටික සෙනග අඩු උනා. 

කොහොමහරි අපිට පැය හයක් විතර ට්‍රේන් එකේ ආවා. 😍 ගමනනම් පට්ටම ආතල්. කට්ටියත් ටික ටික අඩු උනා. හවස 3.45 විතර වෙද්දි අපි ඉදල්ගස්හින්නෙන් බැස්සා. 😍 මාරම ලස්සනක් තිබ්බේ.😍 වචනවලින් කියන්න නම් බෑ ඒක. 🥺 ලංකාවේ ලස්සනම Station එක ඉදල්ගස්හින්න කියන්නේ නිකමට නෙමේ කියලා ඒ වෙලාවේ තේරුනා. 😍 ඊට පස්සෙ  පැයක් විතර කලේ ෆොටෝ ගහන එක.😂 අන්තිමට 5ටම කිට්ටු උනා හයික් එක පටන් ගද්දී. 😅 ඉදල්ගස්හින්න කෑම්පින් තහනම් කියලා ඔන්න එතකොටම ඒ හරියෙ ගෙවල් වල අය කියන්න ගත්තා. 🥺😒 දැන් අපිට තිබ්බ ප්‍රශ්නේ මොකද කරන්නෙ කියලා. රෑට ෆොරෙස්ට් එකෙන් ඇවිත් ටෙන්ට් ඒම ගලවන් යනවළු. 😒 

අපිට පහලින් තව සෙට් තුනක් විතර හම්බුනා. කට්ටියක් කොළඹිනුයි අයේ ගාල්ලෙනුයි වේයන්ගොඩිනුයි.  අයේ සුපිරිම කට්ටියක්  ඉතිම් 🌚 අපි වෙන දෙයක් වෙන්න කියලා ටෙන්ට් ඒ බඩු ඒම අරගන හයික් එක පටන් ගත්තා. 😁 අපි View Point එකේ Tent ගහන්න හිටියට කලින්ම කට්ටියක් ඇවිත් ටෙන්ට් ගහලා. 🥲 මාරම හොද සෙට් එකක් ගාල්ලෙනුයි ,කොළඹිනුයි, වේයන්ගොඩිනුයි ඇවිත් තිබ්බේ.😍 ඊට පස්සෙ අපි ටිකක් පහළින් ටෙන්ට් ගැහුවා. මාර ලස්සන ප්ලේස් එකක්. තේ වත්තක් මැද තියන. 🤭 

   දැන් ඒ වැඩ ඔක්කොම හරි කියමුකෝ. දැන් ලොකුම ප්‍රශ්නේ ගිනි මැලෙයි BBQ එකයි දාන එක. 🤭 දර තෙමිලා හෝදලා ගත්තා වගේ. 😂 පුදුම ගේමක් දීලා BBQ එක දාගත්තා. ලයිට්ටරෙත් පත්තු කරනවා විතරයි නිවෙන්වා. ගිනි පෙට්ටිත් පොගලා.😂 දැන් කට්ටිය කාලා ඒම සින්දුවක් කියන්න අරන් මාරම ආතල් එකක හිටියේ. 😍

  එක පාරම ඔන්න එකෙක් කියන්න ගත්තා අඩෝ මට සුදු ඇදගත්ත ගෑනු කෙනෙක් පේන්වා කියලා.😂 ඒත් මට පෙනුනේ නම් නෑ හැබැයි ඔය කීවට.🥲 දැන් පොර හොදටම බයවෙලා.😅  තව දෙන්නෙකුත් ටිකක් බයවෙලා. 😅 ඒ මදිවට එකෙක් එක එක සද්ද වලින් කෑ ගහනවයි. ටෝච් ගහනවයි. ඒක වෙන්ම පිස්සුවක් ඈ. 😂 මොනා උනත් හිනාවෙලා මාර ආතල් එකක් ගත්තේ රෑ නම්.😍 

පස්සෙ රෑ 12ත් පහුවෙලා ඔක්කොමලා නිදාගන්න යද්දිම මෙන්න ගානටම පොඩි වැස්සක් පටන් ගත්තා කියපන්කෝ. 🥲දැන් කරන්න දෙයක් නෑ යටින් ටික ටික වතුර එනවා ටෙන්ට් එකට. 😂 ඔය රෙදි, බෙඩ්ශීට් ඒම දාලා ඒක ශේප් කරගත්තා. වෙලාවටම කියන්නේ වැස්සත් පෑව්වා ටිකකින්.😍 පස්සෙ මාරම හුලගක් ආවේ. මාරම සීතලකුත් තිබුනා. 

සුපිරිම සීන් එක උනේ පාන්දර 😂. එකෙක්ට කාපු කෑමක් හින්දා බඩ අව්ල් ගිහිල්ලා හොදටම. 😅 ටෙන්ට් එක ඇතුලේ ඉද්දි ඇහෙන්වා උගේ බඩ බුරු බුරු ගානවා. 😂 පස්සේ පාන්දර හතරට විතර මූ නැගිටලා නින්ද යන්නෑ කියලා බොරු කියලා ටෙන්ට් එකෙන් එලියට දිව්වා.😂  අනික් අයට ඉන්න බෑ සීතල ඈ. මූ කෝම ගියාද මන්දා. බලද්දී මුට හොදටම බඩ අව්ල් වෙලා කැලේට දුවලා තියෙන්නේ 😂.  උදේ වෙනකම් කව්රුත් මේ සීන් එක දන්නෑ.😅 මූ පස්සෙ සීන් එක කියද්දි ඔක්කොටම ඉන්න බෑ හිනා. 😅රැ නින්ද යන්නැති උන්ටත් පිරිටන් දීල නින්ද යනකම් ඉදලා තමා මූ එලියට ගිහින් තියෙන්නේ. 😂 අපි දන්නෙත් නෑ මාර ප්ලෑනක් ගහලා තියෙන්නේ. මූ කැලේ ඉද්දී කූඩැල්ලො කකුලේ එල්ලිලා. 😅අපි එකෙක්ගෙවත් කූඩැල්ලෝ එල්ලෙන්නැතිව මුගේ විතරක් එල්ලුනේ කෝමද බැලුවා අපිත් 😂 අම්මොහ් 😂

අපි කෑම්ප් කලේ උඩම නෙමෙ නිසා පාන්දර 4ට නැගිට්ටා Viewpoint එකට නගින්න.😍  කූඩැල්ලෝ එල්ලෙන නිසා ලුණු වතුර බෝතලේකුත් අරන් නැන්ගා උඩටම. නගින්න බෑ අන්තිම ටික තියන තියන අඩිය ලිස්සනවා වැහැලා නිසා.🥲 කෝම හරි නැගගත්තා. 25ක් විතර උඩ Camp කරලා හිටියා. මොනා උනත් මාර හොද කට්ටියක්.😍 Travel කරන අයගේ හිත හොදයි කියන්නේ ඒක වෙන්නැති.🥰 අම්මෝ ඒ වෙලාවෙ ඉර පායන් එද්දි නම් මාරම ලස්සනයි. 😍  ඒක වචනෙන් කියන්න බෑ. 

කෝමහරි ඔක්කොමලා එක්ක ෆොටෝ ගහලා අපි අයේ Tent එක ලගට එන්න බහින්න ගත්තා. 😗 බහින්න අඩිය තිබ්බ විතරයි පිටිපස්සෙ කෙනා පහලට ලිස්සලා ගියා ටිකකින් බලද්දි අනික් කෙනත් රෝල් වෙනවා.😂 දෙන්නම දැන් මඩ නාලා මූනෙත් එක්ක. 😂 වැහැලා හොදටම ලිස්සනවා.😅 පස්සෙ බැස්සා ටෙන්ට් එක ලගටම. දැන් මරුම වැඩේ කියන්නේ එකෙක්ට අමතක වෙලා අරන් ගියපු ලුණු වතුර බෝතලේ අරන් මූන හෝදන්න ගත්තා.😂 ටිකකින් මූ ඇස් දනවා කියලා කෑ ගහනවා.😅 ඒ බෝතලේට ලුණු කුඩු පැකට් එකක්ම දාල තිබ්බෙ. හිතපන්කෝ ආතල් එක ඉතිම් 😂 එතකොට තමා අපිටත් වැඩේ මීටර් උනේ. 

අපිට දැන් උදේට උයන්නත් බෑ. ගෑස් නැති නිසා Gas Stove එකකුත් නෑ. 😂 දරත් තෙමිලානේ. කරන්න දෙයක් නෑ බැස්සා අයේ කන්ද. මොනා කරන්නද 😂 

අපි ටෙන්ට් එක ගලවන් ලෑස්ති වෙලා ගෙනාපු දේවලුත් ඔක්කොම අයෙත් බෑග් වලට දාගන එතනත් තිබ්බා වගේ අස් කරලා අයේ කන්ද බැස්සා.🤭 උදේ 8.15 කෝච්චියට ආවට එකෙක්ට මේ සීතලේ නාන්න ඕනෙ කියලා පහල ගෙදරකට ගියා😄. ඒක නිසා උදේ කෝච්චියත් මිස් උනා නූලෙන්. 🥲 


පස්සේ 10.30 කෝච්චියේ නැගලා ආවා. අපි ශීට් නැතිවෙයි කියලා බයේ ආවට පස්සෙ ශීට් හම්බුනා.😎 අපේ ශීට් එක ලග හිටියේ බදුල්ලෙ ඉදන් කොළඹට යන මාමා කෙනෙකුයි එයාගේ පව්ලේ අයයි.🤩 මාරම හොදයි. අපිටත් මාරුවෙන් මාරුවට ශීට් එක දීල ඉදන් ගියා. 🥰දැන් අපි ඔක්කොටම කම්මැලී. අපි Omi ගහන්න කියලා කාඩ් පැක් එක ගත්තා. බලද්දි එතන ඉන්න අයියා ඕමි ගහන්න දන්නෙ නෑ.😅 

දැන් ඒ අදහසත් ඉවරයි. ඊට පස්සේ ඉන්න කට්ටියත් එක්ක කතාවක් දාගන ෆොටෝස් ඒම ගහලා අපිත් ආව නුවරට කෝමහරි. 😅දැන් නුවරින් අන්තිම බස් එක තියෙන්නෙ 6ට ඒක මිස් උනොත් අපිට ඊලග දවසේ උදේ තමා ගෙදර යන්න වෙන්නෙ.🥲 ඒ නිසා බයේ බයේ ආවෙ අපිත්. නුවරින් කෝච්චියෙන් බහිද්දි 4.30ට විතර දැන් අපි දුවන් දුවන් යනවා බස් එකක් අල්ල ගන්න.😂 කෝම හරි බස් එක හම්බුනා. 

දැන් උදේට හරියට කන්නත් බැරි උනානේ ඒ හින්දා පට්ටම බඩගිනී අපිටත්. දැන් බස් එක නවත්තලා තියෙද්දි දෙන්නෙක් ගියා කෑම් ගේන්න.😁 අපි ශීට් අල්ලපු බස් එක බලද්දි වෙන පාරක යන්නේ. අපේ එකෙක්ට ඒ බස් එකේ යන්න බෑ. 😒 ඊට පස්සෙ උට යාපනේ බස් එකකුත් හොයලා දීලා අන්තිමටම අපිත් නැන්ගා බස් එකට. රටේ තියන ප්‍රශ්නත් එක්ක මාරම බයකින් හිටියේ ගිහින් එනකම්. අම්මලගෙන් බැනුනුත් අහන ගමන්🥲 (ඒකනම් හුරුයිනේ😂) .  බස් , ට්‍රේන් සුවර් නෑනේ. කෝමහරි එක්කෙනෙක්ටවත් කිසිම කරදරයක් නැතිව අපිට ගමන ගිහින් එන්න පුළුවන් උනා. රෑ  8.30 වෙද්දි ගෙදරත් ආවා. අම්මෝ මාරම ලස්සන ගමනක්. සුපිරි සෙට් ටිකක් අදුරගත්තා ගමනෙන්. 😍 

ඉදල්ගස්හින්න මාරම ලස්සනයි.😍 ගිහින් වනසන්න නම් එපා. 😒 මිනිස්සු මාරම විදිහට ජරාකරලා එහේ. බියර් කෑන් හැමතැනම. පරිසරය මේව විනාශ කරන්න එපා.😴 ඉදල්ගස්හින් Camping තහනම් කරනන හේතුව තේරුනේ ඒ වෙලාවේ.🥺 කොහෙහරි යමන් කීවොත් පොඩි කාලෙ ඉදන් එන සෙට් එකක් ඉන්න එක ගැන සතුටුයි.  😍 


#idalgashinna #ඉදල්ගස්හින්න #camping #campinglife #hiking #srilankatravel #SriLanka #travel #travelphotography #traveling #trip














Comments