Ancient Maha Elagamuwa Village [ මහඇලගමුව ගම්මානය ]
Maha Elagamuwa Village
You can reach this village about 5 km from Kekirawa town towards Dambulla.It is believed that this temple was built by King Devanampiyatissa who ruled between 250 - 210 BCE. The temple is situated on a huge hilltop which fascinates us. The village where the temple is located is also a natural beauty village. According to a later inscription, the temple was renovated under the auspices of the king by the revelation of the temple to King Keerthi Sri Rajasinghe in 1775 by King Alakathasi of Maha Alagama and King Rajakaruna Mudali of Kumbuk Rewa. This village is one of the most fertile villages in the country. Seventy percent of the population of the village earn their living from the farming community.
How the village got its name
According to the folklore, this village got its name because in the past there was a monk named Alavakatissa and 60 other Arahants living in this village. Another view is that the name is derived from the name of Mahaelagama. Then gradually the name has changed to Mahaelagamuwa. This is a very interesting scene ...
The Banamaduwa
This is a place where Pirith has been preached almost every day in the past.
Maha Elagamuwa Tank
The village has a beautiful lake which can be added to the beauty of the village. On one side there is a quarry to drain more water into the tank.
- A story of folklore
At one time the tank was broken. According to the folklore, this old man had fallen into a trap in the Mahaelagamuwa lake. Has been given
More info
There is also an ancient temple located on the top of the temple. This temple was built by King Devanampiyatissa during his reign. There was a Buddhist monk called Hadungama in this Vihara. According to the elders of the village, there are about 18 caves where the Arahants had lived on the top of the Pansale mountain. They are located in the jungle at the top of the mountain.
මහඇලගමුව ගම්මානය
කැකිරාව නගරයේ සිට කිලෝමීටර් 5 ක් පමණ දඹුල්ල දෙසට ගමන් කිරීමේදී ඔබට මෙම ගමට ළඟා විය හැකිය. ක්‍රිස්තු පූර්ව 250 – 210 අතර කාල වකවානුවේ රජකම්
කල දේවානම්පියතිස්ස මහරජතුමා විසින් මෙම විහාරස්ථානය ඉදිකරන ලද බවට ජන විස්වාසයේ පවතී.අපගේ
නෙත් සිත් වසග කරවන සුවිසල් කඳු මුදුනක මෙම විහාරස්ථානය පිහිටා ඇත. මෙම විහාරස්ථානය පිහිටා තිබෙන
ගම්මානය ද ස්වභාව සෞන්දර්යෙන් පිරුණු ගම්මානයක් වේ. පසුකාලීන ශිලා ලිපියක ට අනුව ක්‍රිස්තුවර්ෂ
1775 දී මහ ඇලගමුවේ අත්ථදස්සි ස්වාමීන් වහන්සේ හා කුඹුක් රැවේ රාජකාරුනා මුදලිතුමා
විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා වෙත විහාරස්ථානය පිළිබඳ දැන් වීමෙන් අනතුරු රජතුමාගේ අනුග්‍රහය යටතේ විහාරස්ථානය පූර්ණ ප්‍රතිසංස්කරණය
සිදු කොට ඇත. මෙම ගම්මානය ගොවි තැනින් බහුල
ඉතාමත් සරුසාර ගම්මානයකි. මෙම ගම්මානය ජනගහනයෙන් සියයට හැත්තෑවක් පමණ ගොවි තැනින් තම
ජීවිකාව ගෙන යයි.මෙම පුරාණ විහාරස්ථානය පිහිටි සොබා සෞන්දර්යයෙන් පරිපූර්ණ ගම්මානය
නම “මහ ඇලගමුව”යි.
ගමට නම ලැබුණු ආකාරය
....අතීතයේදී ඇලවකතිස්ස නම් මහරහතන් වහන්සේ නමක් තවත් රහතන් වහන්සේලා හැට නමක් සමග මෙම ගමෙහි වාසය කර ඇති බැවින් මෙම ගමට මෙම නම ලැබී ඇති බවට ජනවහරේ සදහන් වෙනවා ..එමෙන්ම මහඇලගමුව වැවේ සිට විශාල ඇල මාර්ග පද්දතියක් මෙම ගම මැදින් ගලා යන බැවින්ද මෙම ගම්මානයට මෙම මහඇලගම යන නාමය ලැබී ඇති බව තවත් එක් මතයකී.පසුව ක්‍රමයෙන් වර්තමානය වන විට මෙම නම මහඇලගමුව ලෙස වෙනස් වී ඇත....සුවිසල් හස්තිරාජයෙකුගේ රූපයක් වැනි අයුරින් මෙම ගමෙහි පන්සල් කන්ද දර්ශනය වෙනවා. මෙම දර්ශනය ඉතාමත් සිත් ඇද ගන්නා සුලු දර්ශනක්....
වෙල මැද බණ මඩුව
මේ තමා අතීතයේ
දී ගම්මානයෙ සෑම දිනකම පාහේ පිරිත් දේශනා කරනු ලැබූ ස්ථානයක්.මෙම ගම්මානය මෙන්ම
රටේ සියල්ලන්ටම සෙත්පතා හාමුදුරුවරුන් වැඩ පිරිත් දේශනා කරනු ලැබූ ස්ථානයක් තමයි
මේ වෙල මැද බණ මඩුව කියන්නේ.මෙහි පිළිබඳව
ලියවුණු අපූරු කවි පන්තියකුත් තියෙනවා.
උපන් පියස
ඇලගමුවේ ගම නල්ල
දෙතුන්
සීයක් ඇවිදින පිරිවර ගොල්ල
හපන්කමින්
වැඩ කෙරුමට සොමි පුල්ල
හොඳද බණ
මඩුව වෙල මැද පවනැල්ල
එක එක කොනට
එක එක ගල් කණු සෑදුවා
දෙක දෙක
කොනට දෙක දෙක ගල් කණු සෑදුවා
හතර කොනට ගෝනැස්කඩ
පෙති නෙළුවා
මහඇලගමුවේ
වෙල මැද බණ ගෙය කෙරුවා
බණ මඬුවේ
ඉහළින් තයිලාව කළා
මැද මා ලේ
සග පිරිවර බණ දෙසුවා
කනු හතරේ
සැම දෙවියෝ මුර කෙරුවා
වඩු කම්
කරපු වඩුවෝ දිව පුර ඇරියා
කපා පොකුණ
දස රියනක් උස පමනා
ඉමි එන ජලය
රැල මුදාගෙනා
හරි කියන
සැටියෙන් දෙවි වස් අරිනා
රිදී දොරටු
පවුරෙන් ඔප කළ පොකුණා
පාර කපයි
තුන්මංසල සැදිලා
මාල තුනෙන්
බණ මඩුවක් සාදාලා
පසේ බුදුන්
මහරහතුන් එක්වීලා
සත්‍යය පිටින් යන්නට බණ මඩුව කළා
සත්‍යය පිටින් යන්නට බණ මඩුව කළා
මහඇලගමුව වැව
මනරම් සුන්දරවයකින් යුත් මෙම ගම්මානයේ එම සුන්දර බව තවත් වැඩි කරලීමට හැකි අලංකාර වැවක්ද මෙම ගම්මානයට තියනවා.දේවානම්පියතිස්ස රජතුමාගේ රජ කාලය තුල මෙම වැවද ඉදිකර තිබෙනවා.මෙම වැව ඉදිකිරීමත් සමග "ගමයි පන්සලයි වැවයි දැගැබයි" යන සංකල්පයද සම්පූර්න වි ඇත.ඉතාමත් වටිනා සොරොව් 2ක්ද මෙම වැවට තියනවා.තවත් එක් පසෙකින් වැවේ වැඩි වතුර ගලා යාමට ගල්වානක්ද තියනවා.
- ජනප්‍රවාදයේ එන කතාවක්
එක් කාලයක මෙම වැව කැඩී ඇත.එවිට මෙම වැව නැවත සෑදීමට මිනිස් බිල්ලක් අවශ්‍ය බව පවසා ඇත. එවිට එක් වයසක වූ පුද්ගලයකු තමාගේ ජීවිත කාලය තව ටික කාලයයි යැයි පවසා බිලී වීමට ඉදිරිපත් වී ඇත.මෙම මහඇලගමුව වැව තුල උගුලක් අටවා මෙම වයසක පුද්ගලයා බිලී වීමට මෙම උගුලට පැන ඇති බව ජනප්‍රවාදයේ සදහන්ව ඇත.පසුව එම පුද්ගලයාගේ මෙම ක්‍රියාව සිහිවීම පිනිස ඇලපත න්ම් ගම් වරයක් ලබා දී ඇත.
- මෙම පන්සලේ ඇති ඉපැරැණි විහාරස්ථානයක්ද පන්සල් කන්ද මුදුනේ පිහිටලා තියෙන්වා.මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජතුමා විසින් තම රජ කාලය තුළදී ඉදිකර ඇත.මෙම විහරයේ හදුන්ගම නම් භික්ෂුවක් ප්‍රථමයෙන්ම වැඩ සිට ඇත.මෙම හදුන්ගම භික්ෂුවගේ පරම්පරාවෙන් මෙම විහාරයේ සංඝ පරම්පරාව ආරම්භ වී ඇති බවටත් වර්තමානය වන විට පන්සලේ වැඩ සිටින්නෙ 19වන සංඝ පරම්පරාව බවටත් ගමේ වැඩිහිටි පිරිස පවසනවා.පන්සලේ කන්ද මුදුනේ අතීතයේදී රහතන් වහන්සේලා වැඩ සිටි ගල්ගුහා 18ක් පමන තිබෙනවා.මේවා දැනට කන්ද මුදුනේ කැලය තුළ පිහිටලා තියනවා.
ගල් ගුහාවක පිහිටි විහාරගෙය හා එහි ඇතුළත...
![]() |
වැවේ සොදුරු දසුන් කිහිපයක්.....
![]() |
විහාරස්ථානය මුදුනට අවට පරිසරය දර්ශනය වන අයුරු...
බෝධීන් වහන්සේ...
❤️
ReplyDeleteIt's a marvelous description about our area.good job.😍😍
ReplyDelete