Pidurangala Mountain [ පිදුරංගල පර්වතය ]

Pidurangala Rock


This is a place unknown to most people in Sri Lanka. This is the Pidurangala Rock. Sri Lanka has a proud history of thousands of years. Sigiriya, known as the eighth wonder of the world, is one of the most popular and popular tourist attractions in the world. Pidurangala has never been more popular until recently. Since Pidurangala has become so popular on social media nowadays, it is a popular destination to visit Sigiriya.

The path

Pidurangala is situated in Colombo. M. About 180 miles away. After passing the Sigiriya rock at Inamaluwa Sigiriya road for one more mile we come across Pidurangala. This is roughly from Inamaluwa Junction. M. Located about 3 km away. Sigiriya is located at an elevation of 349 meters above sea level and Pidurangala is less than one meter high. When you climb to the top of Pidurangala, you can see the beautiful views of Sigiriya.

How the name Pidurangala got its name



King Kashyapa built a huge monastery on this mountain and offered it to the Arahants. According to folklore, it was later named Piduran Arangala. Later it was named as Pidurangala.


Pidurangala Rock




Piduranga has a history that dates back thousands of years. Its history dates back to AD. Poe It has been an ancient Buddhist center since the second and first centuries. AD According to the book, King Kasyapa, who ruled from 477 to 495 AD, built a large monastery and a Buddhist educational center and offered it to Rahtan Wanahasela. Other historical ruins have been unearthed around Pidurangala. In the meantime, there are ancient dagobas, a Bodhi Ghara, ruins of monasteries and ruins of an ancient wall.


Apart from climbing the mountain of Sigiriya, this is a place where the beauty of Mount Sigiriya can be beautifully visualized. There are lots of rocks and holes and lots of sloping places. But climbing it was quite an adventure. This mountain is not very tall. This climb takes about 30 minutes. But this 30 minute period gives us the most thrilling experience. This Pidurangala mountain is a very popular place to watch the sunrise and sunset. This is why most tourists come to Mount Pidurangala in the mornings and evenings. Want to. If you are going to watch the sunrise or the sunset, take a torch. However, it is the duty of the tourists not to damage the environment and the historical value. Because this is a beautiful place to be photographed.

Pidurangala Temple


At the foot of the Pidurangala Rock, you will find the Pidurangala Sigiri Rajamaha Vihara. There are only a few remains in this ancient temple. According to the ancient inscriptions, this temple was known as the Kashyapa Giri Vihara or Bo Upulwan Kasupgira Vehera in ancient times, using the names of the kings and the king of Kashyapa as the inscriptions. A stone wall is still standing to show the foundation of an ancient rock temple. There is also a huge Buddha statue sitting in this temple. Although it has been
completely rebuilt and restored, most of the original structure remains intact. This sleeping Buddha statue testifies that Pidurangala Kakanda inherited a proud history. It is believed that the entrance to the shrine indicates the location of the cremation of King Kasyapa on the left. It is said that King Kasyapa, who was deeply saddened by the death of his father, turned to Buddhism mostly and worshiped the Pidurangala Vihara regularly.

It is our duty to keep our places clean and free from contamination. (The photos are owned by the original owners.)


පිදුරංගල පර්වතය


මේක නම් ලංකාවේ ඉන්න ගොඩක්  කට්ටිය දන්නැති තැනක්.මේ තමයි පිදුරංගල පර්වතය. ශ්‍රී ලංකා වසර දහස් ගණනක  ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනවා. ඒ  ඉතිහාසය  ඉස්මතු කර පෙන්වන සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා ඇදගන්නාසුලු ස්ථානයක් තමා පිදුරංගල කියලා කියන්නේ.ලෝකයේ අටවන පුදුමය ලෙස හඳුන්වන සීගිරිය මෙම ලෝ පුරා පුරාම ඉතාමත් ජනප්‍රිය මෙන්ම සංචාරක ආකර්ෂණය බෙහෙවින් ලැබෙන ස්ථානයක්.මෙන්න මේ පිදුරංගල     සීගිරියට  කිලෝ මීටර් දෙක තුනක් මෙපිටින් පිහිටා තියෙන්නේ.සීගිරිය කොතරම් ජනප්‍රිය ස්ථානයක් වුණත් පිදුරංගල මෑත කාලය වෙනකන් වැඩිපුර ජනප්‍රිය වෙලා තිබ්බෙ නෑ.වර්ථමානයේදී සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පිදුරංගල ගැන ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා නිසා බොහෝ පිරිසක් සීගිරියට ගමන් කරන අතරතුර මේ පිදුරංගල නැරඹීම අමතක නොකළ ම ස්ථානයක් බවට පත් කරගන තිබෙනවා.   

ගමන් මාර්ගය

පිදුරංගල පිහිටා ඇත්තේ කොළඹ සිට කි. මී. 180ක් පමණ ඈතට වන්නට යි. ඉනාමළුව සීගිරිය මාර්ගයේ සීගිරි පර්වතය නැගීම සඳහා ඇතුළු වන ස්ථානය පසුකර තවත් සැතපුමක් පමණ ඉදිරියට ගිය විට පිදුරංගල හමුවෙනවා. මෙය ඉනාමළුව හංදියේ සිට දළ වශයෙන් කි. මී. 3ක පමණ දුරකින් පිහිටා තිබෙනවා. සීගිරිය මුහුදු මට්ටමේ සිට මීටර 349ක පමණ උසකින් පිහිටා ඇති අතර, පිදුරංගල ඊට වඩා මීටරයක් පමණ උසින් අඩු ලෙස සැලකෙනවා. පිදුරංගල මුදුනට නැගුණු විට හාත්පස සුන්දර දර්ශන නැරඹිය හැකි අතර සීගිරියේ මනස්කාන්ත දර්ශනයක් ද දැකගත හැකියි.


පිදුරංගල නම ලැබුණු හැටි

කාශ්‍යප රජතුමා විසින් මෙම කන්දේ විශාල ආරාමයක් සාදා එහෙම මහ රහතුන් වහන්සේලා හට පූජා කර ඇත. එම නිසා පසුව මෙය පිදු ආරණ්‍ය ගල ලෙස නම් ලබා ඇත.පසුව එය ක්‍රමක් ක්‍රමයෙන් පිදූ අරං  ගල ලෙස ද , පසුව පිදුරංගල ලෙස ද නම් ලබා ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

පිදුරංගල පර්වතය

පිදුරංගලට වසර දහස් ගණනක් ඈතට විහිදුණු ඉතිහාසයක් තිබෙනවා. මෙහි ඉතිහාසය ක්‍රි. පූ. දෙවන හා පළමුවන සියවස කාලයේ පටන් පැරණි බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වී තිබෙනවා. ක්‍රි .ව. 477 - 495 අතර කාලයේ දී සීගිරිය සිය පාලන මධ්‍යස්ථානය කරගෙන රජකම් කළ කාශ්‍යප රජු මෙහි විශාල සංඝාවාසයක් හා බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඉදිකර එය රහතන් වනහ්සේලාට පූජා කළ බැව පතපොතෙහි දැක්වෙනවා. පිදුරංගල අවට තවත් ඓතිහාසික නටඹුන් හමු වී තිබෙනවා. මේ අතර පැරණි දාගැබ්, බෝධිඝරයක්, සංඝාවාසවල නටඹුන්, හා ඉපැරණි පවුරක නටඹුන් වැනි දේ වෙනවා.
සීගිරියේ කන්ද නැගීමට අමතර සීගිරිය කන්දේ හැඩරුව ඉතාමත් අලංකාරව දර්ශනය කර ගැනී හැකි ස්ථානයක් තමයි මේ පිදුරංගල කන්ද.මේ පිදුරංගල කන්ද මහලු උදවිය  වඩා තරුණ කට්ටිය ගැන එක තමා ගොඩක්ම හොඳ.මොකද කියනවනම් මේ කන්දං මේ කන්ද දැන් ඉතින් ගොඩාක් ගල් හා කුහර විශාල ප්‍රමාණයක් සහ බෑවුම් සහිත සාමාන්‍ය ස්ථානයන් ගොඩක් තියනවා. උනාට මේක නැගීම නම් ගොඩක් ත්‍රාසජනක අත්දැකීමක්. මේ කන්ද ගොඩක් උස නෑ. මේ කන්ද නගින්න ගතවෙන්නෙ විනාඩි තිහක් පමණ කාලයක්. උනාට මේ විනාඩි 30 ක් කාලය නම් ඉතාමත් ත්‍රාසජනක  අත්දකීමක් අපට එක් කර දෙනවා.  මේ පිදුරංගල කන්ද හිරු උදාව සහ හිරු බැස  යාම නැරඹීම  සඳහා ඉතාම ජනප්‍රිය ස්ථානයක්. බොහෝ සංචාරකයින් උදෑසන කාලයේදී සහ සවස් කාලයේ දී පිදුරංගල කන්ද නැගීමට පැමිණෙන්නේ මේ නිසාවෙන්.මේ කන්ද නගිනවා නම් අනිවාර්යයෙන් දනිස්සට වඩා දිගු ඇදුම් ආයිත්තම් වලින් සැරසී ගමන් කිරීම ගොඩක් හොඳයි.කකුල් එහෙම සීරීමට ගොඩක් ඉඩ තියෙනවා .ඒ වගේම ජල බෝතලයක්ද අනිවාර්යෙන් රැගෙන යන්නම ඕනේ. හිරු නැගීම හෝ බැසීම නැරඹීමට යනවා නම් විදුලි පන්දමක් ද රැගෙන යායුතු වෙනවා. කෙසේ වුවත්  මේ පරිසරයට හා ඓතිහාසික වටිනාකමක් ඇති දේට හානියක් නොකිරීම ද සංචාරකයින් ගේ යුතුකමක්.පිදුරංගල යනවා නම් අනිවාර්යෙන්ම ඔබ ඔබ කැමරාවක් රැගෙන යන්න. මොකද මෙය ඡායාරූපකරණයට ඉතාමත් සුන්දර ස්ථානයක්  මෙය කොතරම් සොඳුරු දර්ශනයක් ද කියා ඔබට මෙම ඡායාරූප දුටු විට පැහැදිලි වෙනු නිසැකයි.  

පිදුරංගල පන්සල


පිදුරංගල පර්වතය පාමුල පිදුරංගල සීගිරි රාජමහා විහාරය ඔබට හමු වෙනවා. මෙම ඉතා පෞරාණික පන්සලේ  දැනට ඉතිරිව ස්වල්පයක් පමණයි. ශිලා ලේඛන වල සඳහන් වෙන විදියට කාශ්‍යප නිරිඳුන්ගේ දියණිවරුන් සහ රජුගේ නමද යොදාගනිමින් ඈත අතීතයේදී මේ විහාරය බෝධි උත්පලවන්නා කාශ්‍යප ගිරි විහාරය හෙවත් බෝ උපුල්වන් කසුප්ගිර වෙහෙර නමින් ද හඳුන්වා තිබෙන බව පුරාණ කථා වල සදහන් වී තිබෙනවා. පැරණි පාෂාණමය පන්සලක අත්තිවාරම පෙන්වීමට ගල් පවුරක් තවමත් ඉතිරි ව ඇත. මේ පන්සලේ සැතපී සිටින විශාල බුද්ධ ප්‍රතිමාවක්ද ද තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම ගඩොලින් නිර්මාණය නිර්මාණය කර ඇති අතර පරතම යෙදී එය ප්‍රතිසංස්කරණය කර තිබුනත් තිබුනත් මුල් ව්‍යූහයේ වැඩි කොටසක් තවමත් නොවෙනස්ව පවතිනවා. පිදුරංගල කකන්ද පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන බවට මේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව  සාක්ෂි දරනවා . මේ පන්සලට පිවිසීමේ දී වම් පස ප්‍රදේශයේ ඇති චෛත්‍යය කාශ්‍යප රජු ආදාහනය කළ ස්ථානය සනිටුහන්  කරන බවට විශ්වාස කෙරෙනවා. තම පියා මැරීම පිළිබඳව දැඩි ශෝකයෙන් පසු වෙච්ච කාශ්‍යප රජතුමා වැඩි වශයෙන් බුදුදහමට යොමු වූ බවත් ඒ නිසාම නිරන්තරයෙන් පිදුරංගල විහාරස්ථානය වන්දනා මාන කල බවත් කියවෙනවා.


















අපගේ ස්ථාන පිරිසිදුව හා දූෂණයෙන් තොරව තබා ගැනීම අපගේ යුතුකමයි. ( ඡායාරූප මුල් අයිතිකරුවන්ට අයත් වේ.)

Comments