Ritigala Mountain [ රිටිගල කන්ද ]
Ritigala Mountain
Ritigala mountain is one of the most beautiful and beautiful mountains in Sri Lanka. The Ritigala mountain is also a mountain with many peoples' beliefs. Ritigala mountain is a must visit place for both local and foreign tourists who visit the places like Anuradhapura and Polonnaruwa.
The Path

There is a great deal of legends and sources in the history of Ritigala. According to the Ramayana story, Ritigala is considered a part of the rock that fell from the hands of Hanuman, who had taken medicine from the Himalayas to treat wounds on the battlefield of Rama's powerful brother Lakshmana. Ritigala legends say that Ritigala was inhabited by the powerful demons from the time of Pandukabhaya and the battle between Godaibara and Jayasena. The cave system used by the monks testifies that Ritigala has been the seat of Buddhist monks since pre-Christian times. The caves have been carved out of ditches. There are also inscriptions on the caves where the caves were offered to the monks.
Ramayana is one such story that everyone has read .Sri Lanka is very connected to this Ramayana story. According to the Ramayana, Rama's wife Sita was abducted by King Rawana, the king of Yaksha Yaksha. After telling Rama about this, they had come to Sri Lanka with a large monkey army led by Hanuman. Lakshman was wounded in the battle and my brother Lakshman needed some medicine to heal him. He had come back to Sri Lanka by flying off a rock and putting it on his palm. However, when Hanuman was on top of Sri Lanka, the mountain was slipped and it was broken into three pieces. Legends say that they landed in different places, one of which is Ritigala. However, when we see the rare medicinal drugs found in the Ritigala mountain, it becomes clear to some extent that this is true.
History
This monastery complex has a long history. The Mahavamsa refers to the Ritigala Attagiri or the Aritic Pabbatha. King Suratissa (187-177 BC) built a temple at the foot of this mountain. Poe A first-century inscription also mentions the sacrifice of the tank called the Arita Viharaya. King Lajjatissa (119-110 BCE) enlarged and restored the temple of Arritta, and Sena I (831-851 AD) is said to have been a patron of the temple. Historical folklore states that King Parakramabahu I built strongholds in these hills against the Manabharana of Ruhuna.
This is the highest mountain in Anuradhapura District. The Ritigala mountain also has a cool climate with many plants in the wet zone. The size of the reserve is 1528 hectares. In addition, 690 acres including the ruined monastery complex at the foot of the mountain have been declared an archaeological reserve.
The Ritigala Range consists of seven hills.
- Mount of Medicine
- Kodigala mountain
- Bamboo mountain
- Mount Aadia
- Fruit mountain
- Mount Amarapati
- Fountain Mountain
The Ritigala mountain contains 74 stone caves, 152 inscriptions written in Brahmi script and a large pond and stone pavement with the ruins of about 140 different archaeological buildings.
According to sources, about 418 species have been discovered from the mountain to date. Some 300 species are in bloom. About 100 of them are in the wet zone. Dry mixed evergreen forests are found in the lower part of the mountain range. In the dry zone there are Mora, Halmilla, Kaluwara, Veera, Palu, Na. Trees such as bone marrow, kududula, amara, kanda, and Na are common in the area. Various species of plants such as Nelu, Binara, Kekuna and Smoke can be found here. Ritigala Thambajia, Gall Kapparawalliya, Ritigala Mee are some of the rare herbs that are found in the area.
It is our duty to keep our places clean and free from contamination. (The photos are owned by the original owners.)

රිටිගල ඉතිහාසය ගැන ජනප්‍රවාදගත
තොරතුරැ මෙන්ම මුලාශ්‍ර ගත තොරතොරැද විශාල ප්‍රමාණයක් පවතී. රාමායනය කතා පුවතේ
සඳහන් ආකාරයට රාමගේ බලසොහොයුරැ ලක්ෂ්මණ යුදබිමේදී වූ තුවාලවලට ප්‍රතිකාර වශයෙන්
හිමාලයෙන් ඖෂධ රුගෙන පැමිණි හනුමන් අතින් වැටුණු පර්වත කොටසක් සේ රිටිගල සැලකීම ඒ
අතර එක් ජනප්‍රවාදයකි. පණ්ඩුකාභය අවධියේ පටන් බලසම්පන්න යක්ෂයන් රිටිගල වාසය කළ
බවත්, ගොඨයිම්බර යෝධයා හා ජයසේන අතර සටන සිදු වූ ස්ථානය වශයෙන්ද රිටිගල ජනප්‍රවාදවල
සඳහන් වේ. රිටිගල ක්‍රිස්තු පූර්ව අවධියේ පටන් භික්ෂුන් වහන්සේලාගේ වාසස්ථානයක්
වශයෙන් පැවති බවට උන් වහන්සේලා භාවිතා කළ ලෙන් පද්ධතිය සාක්ෂි සපයයි. මෙම ලෙන්
කටාරම් කොටා නිමවා ඇත. ලෙන් අසලම එම ලෙන් භික්ෂුන් උදෙසා පුජා කළ බවට සඳහන් ශිලා
ලේඛනද දැකගත හැකිය.


#DIMUTHU_DISSANAYAKE
It is our duty to keep our places clean and free from contamination. (The photos are owned by the original owners.)
රිටිගල කන්ද
මේ කියන්නේ ඉතාමත් ලස්සන ස්වභාවික
මෙන්ම ගුප්ත බවකින් ද පිරී තිබෙන රිටිගල කන්ද ගැනයි.ලංකාවේ පිහිටා තියෙන කඳු වලින්
ඉතාමත් ලස්සන මෙන්ම අලංකාරවත් ම කන්දක් තමයි රිටිගල කන්ද කියන්නේ. එමෙන්ම මේ
රිටිගල කන්ද අත්බූත ජන විශ්වාස රැසකටම හිමිකම් කියන කන්දක්.මේ අවට අතීතයේ දී ගෝත්‍රික
ජනයා ජීවත් වූ බවට බොහෝ ජන විශ්වාස පවතිනවා . අනුරාධපුර මෙන්ම පොළොන්නරුව වැනි
ස්ථාන වල සංචාරයට යන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් සංචාරකයන් ද නොවරදවාම පැමිණෙන
ස්ථානයක් තමයි රිටිගල කන්ද කියන්නේ.එතකොටම තේරෙනවනෙ රිටිගල කන්ද ගැන කොච්චර
මිනිසුන් ගේ සිත් ඇදගන්නා සුළු තැනක් ද
කියලා.
ගමන්
මාර්ගය
රිටිගල කන්දට ළඟා වීම නම් හරිම
ලේසියි.අනුරාධපුර නගරයේ සිට කිලෝ මීටර් තිහක් පමණ පැමිණි විට ඔබට මරදන්කඩවල නම් නගරයක් හමු වෙනවා.එම ස්ථානයෙන්
හබරණ දෙසට ඇති වූ ඇති පාරට හැරී කිලෝමීටර් පහළොවක් පමණ ඉදිරියට ගමන් කළ විට ඔබට ගලපිටගල
නම් හන්දියක් හමු වෙනවා.එම හන්දියෙන් හැරී අතුරු මාර්ගයේ ගමන් කළ විට ඔබට හමුවන්නේ
රිටිගල කන්දයි.කොළඹ සිට පැමිණෙනවා නම් කිලෝමීටර් කිලෝ මීටර් දෙසිය එකක් පමණ දුරක්
ඔබ ගමන් කළ යුතුයි . මරදන්කඩවල සිටම ක්ෂිතිජයේ දී රිටිගල කඳුවැටිය අලංකාර දර්ශනයක්
මවා පාන අයුරු ඔබට දැකගැනීමට පුළුවන්. මේ අවට වෙනත් කඳු නැති නිසා එය කැපී පෙනෙන
දර්ශනයක්. ගලපිටගල ගම්මානයෙන් හැරී මඳ දුරක් යන විට වනය මැදින් වැටී ඇති කොන්ක්‍රීට්
දැමූ මාර්ගයකට ඔබ පිවිසෙනවා. මේ මාර්ගයේ අලි ගමන් කරන නිසා උදේ පාන්දරම යාමෙන්
වැළකී සිටිය යුතුයි. කොන්ක්‍රීට් මාර්ගය යළිත් ගුරු පාරකට හැරෙනවා. එහි සිට මාවත
ඇදී යන්නේ ඝන වන වැස්මක් හරහා රිටිගල රක්ෂතය මැදින්. මේ මාර්ගය හොඳින් නඩත්තු කර
ඇති නිසා මෝටර් රථයකටත් පහසුවෙන් යාමට පුළුවන්...රිටිගල කඳු පංතිය හෙක්ටයාර1528 ක්
පුරා විහිදී ඇත. පර්වතයේ උසම ස්ථානය මීටර් 765 ක් පමණ වෙතැයි වාර්තා වේ. කඳු
හතකින් සැදි නිසා එහි ස්ථානවල විවිධත්වයකුත් විවිධ දේශගුණික කලාප කිහිපයක ලක්ෂණත්
දැකගත හැකිය. රිටිගල රක්ෂිත වනාන්තරයේදී දුර්ලභ ගණයේ වෘක්ෂලතා මෙන්ම දුර්ලභ ඖෂධ
පැළෑටිද දැකගත හැකිය. වන අලින්, ගෝනුන්, මුවන්, වලිකුකුළන්, මොනරැන්, දිවියන් බහුලව
දැකිය හැකිය.
ජනප්‍රවාදගත තොරතුරු


රාමායනය
පිළිබද කතාව
රාමායනය පිළිබද කතාව
හැමෝම වගේ කියවලා තියෙන එක එක කතාවක් තමයි රාමායනේ කියලා කියන්නේ .මේ රාමායන කතාවට ලංකාව ගොඩක්ම සම්බන්ධයි . මේ කතාවෙ තියෙන අරිශ්ත නම් කන්ද රිටිගල කන්ද යි.රාමායණයට අනුව රාමාගේ බිරිඳ වන සීතා ව යක්ශ යන්ගෙ රජු වන රාවණා රජතුමා විසින් පැහැර ගෙන ලංකාවට පැමිණ ඇත.පසුව ඇය ව සොයා රණ ශූර වඳුරු දෙවියන් වන හනුමාන් ලංකාවට පැමිණ ඇත . පසුව මේ පිළිබඳව රාමාට පැවසූ පසු හනුමාන් ගේ නායකත්වයෙන් විශාල වඳුරු සේනාවක් ද සමගින් යුද්ධ කිරීම සඳහා ඔවුන් ලංකාවට පැමිණ ඇත. එවිට ඇතිවන යුද්දයේදී හා මාගේ සහෝදරයා වන ලක්ෂ්මන් තුවාල ලබා ඇත.ලක්ෂ්මන්ව සුව කිරීම සඳහා යම් ඖශධයක් අවශ්‍ය වී ඇති අතර එය සොයා ගැනීම සදහා හනුමාන් නමැති නමැති රණශූර වඳුරාව නැවත ඉන්දියාවේ පිහිටි හිමාල පර්වතය වෙත පිටත් කර හැර ඇත .ඔහුට එම පැළෑටියේ නම අමතක වී ඇති බැවින් ඔහු පර්වතයෙන් කොටසක් කඩා තම අත්ල මත තබා ගෙන පියාඹමින් නැවත ලංකාවට පැමිණ ඇත. කෙසේ වෙතත්, හනුමාන් ලංකාවට ඉහළින් සිටියදී කඳු කැබැල්ල ලිස්සා වැටී ඇති අතර එය කැබලි තුනකට කැඩී ගියේය. මේවා විවිධ ස්ථානවලට ගොඩ බැස්ස අතර ඉන් එකක් රිටිගල බව ජනප්‍රවාදයේ පවතී . කෙසේ වෙතත් රිටිගල කන්දේ පවතින දුර්ලභ ඖෂධ දුටුවිට දුටු විට මෙය සත්‍යයක් බවට යම් තාක් දුරකට පැහැදිලි වනු ඇත
ඉතිහාස තොරතුරු
මේ
කඳුවැටිය ආරාම සංකීර්යක්ම තියනවා.ඒ වගේම මෙම ආරාම සංකීර්ණයට දීර්ඝ ඉතිහාසයකුත්
තිබෙනවා. මහාවංශයේ රිටිගල අට්ඨගිරි හෙවත් අරිට්ඨ පබ්බත නමින් සඳහන් වේ. සූරතිස්ස
රජු( ක්‍රි. පූ. 187-177) මේ කඳු පාමුල මකුලක විහාරය කරවා ඇත.එමෙන්ම ක්‍රි. පූ.
පළමු සියවසේ සෙල්ලිපියක අරිට විහාරයට අබදළක නම් වැව පූජා කිරීම ගැනද සදහන් වේ. තවද
ලජ්ජතිස්ස රජු( ක්‍රි. පූ. 119-110) අරිට්ඨ විහාරය විශාල කර ප්‍රතිසංස්කරණය තනවා ඇති
අතර පළමුවන සේන ( ක්‍රි. ව. 831-851) රජුත් මේ විහාරයට අනුග්‍රහය දැක්වූ රජකෙනෙකු
බව පැවසෙනවා. පළමුවන පරාක්‍රමබාහු රජු රුහුණේ මානාභරණට එරෙහිව මේ කඳු ආශ්‍රිතව
බලකොටු තනා සේනා සංවිධානය කළ බවත් ඉතිහාස කතා වල සඳහන් වෙනවා.
විශේෂ කරුණු කීපයක්
මෙය අනුරාධපුර දිස්ත්‍රික්කයේ උසින් වැඩිම
කන්දයි. ඒ වගේම වියළි කලාපයේ පිහිටියත් තෙත්
කලාපයේ ශාක රාශියක් වැවෙන සිසිල් දේශගුණයකින් යුක්ත පරිසරයක් මෙම රිටිගල කන්දේ
තියනවා.ඒ නිසා වියළි කාලයේ වුවද රිටිගල මීදුමින් බරව ඇති අන්දම ද දැකගත හැකියි.මේ
නිසාම රිටිගල වනාන්තරය 1931 තරම් ඈත කාලයකදී දැඩි රක්ෂිතයක් බවට පත් කර තිබෙනවා.
දැඩි රක්ෂිතයේ විශාලත්වය හෙක්ටයාර් 1528ක්. එයට අමතරව කඳු පාමුල නටබුන් ආරාම
සංකීර්ණය ඇතුළත් අක්කර 690ක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා.


රිටිගල
කඳුවැටිය තවත් කඳු වැටි 7කින් යුක්තයි.
v ඖෂධ කන්ද
v කොඩිගල කන්ද
v උණ කන්ද
v ආඬියා කන්ද
v පළතුරු කන්ද
v අමරාපති කන්ද
v උල්පත් කන්ද
මෙම රිටිගල
කන්දේ කටාරම් කොටන ලද ගල් ලෙන් 74 ක් තිබෙන අතර බ්‍රාහ්මීය අක්‍ෂරවලින් ලියන ලද
ශිලා ලේඛන 152 ක්‌ද පුරාවිද්‍යාත්මක අගයක් ඇති විවිධ ගොඩනැගිලි 140 ක පමණ නටබුන්ද
විශාල පොකුණක් සහ ශෛලමය පෙත්මගක් ද මෙහි තියනවා.
වර්තමානය
වන විට මෙම කදුවැටියෙන් ශක විශේෂ 418න් පමණ සොයාගන තිබෙන බව මූලාශ්‍ර වල
තිබෙනවා.මෙම විශේෂ වලින් 300ක පමණ මල් පිපෙන බවද සදහන්ව ඇත.මේවායින් 100ක් පමණම
තෙත් කලාපයේ සෑදීමද විශේෂත්වයක්.තවද මෙහි පක්ෂි විශේෂ 97ක් පමණද ක්ෂීරපායී විශෙෂ
රැසක්ද මෙහි වාසය කරන බව සදහන්. කඳුවැටියේ
පහළම කොටසේ වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරමය ලක්‍ෂණ පැතිර තිබෙන අතර මෙම ප්‍රදේශයේ
මොර, හල්මිල්ල, කලුවර, වීර, පලු, නා වැනි
වියළි කලාපයේ දක්නට ලැබෙන ශාක වර්ග දැකගන්න පුළුවන්.කඳුවැටිය මධ්‍ය කලාපයේ දකින්නට
ඇත්තේ තෙත් කලාපීය වනාන්තර ලක්‍ෂණයි. මෙම ප්‍රදේශයේ ඇටඹ, කුඩුදවුලා, ඕමාර, කැන්ද, නා වැනි
ශාක සුලභයි.කඳු මුදුනේ දකින්නට ලැබෙන්නේ උප කඳුකර කලාපීය වනාන්තරවල ස්‌වභාවයයි.
නෙලු,
බිනර, කැකුණ, දුම් වැනි ශාක වර්ග මෙහි වැවෙනවා.රිටිගලටම ආවේණික වූ ශාක විශේෂ කිහිපයක්
ද හමුවී
තිබෙනවා. රිටිගල තම්බජියා, ගල් කප්පර වල්ලිය, රිටිගල මී යන ශාක ඒ අතර වෙනවා.මීට අමතරව
දුලබ ඖෂධීය ශාක වන ඉරරාජ, සඳරාජ, වනරාජ, නගා මැරු අල, වෙල්ලංගිරිය, බිම් කොහොඹ, ජටා මකුට වැනි ශාක මෙහි සුලබයි.
අපගේ ස්ථාන පිරිසිදුව හා දූෂණයෙන් තොරව තබා ගැනීම අපගේ යුතුකමයි. ( ඡායාරූප මුල් අයිතිකරුවන්ට අයත් වේ.)
IMAGES :-
Comments
Post a Comment