Sri Padaya|Adam's Peak [ශ්‍රී පාදස්ථානය]
Sri Padaya|Adam's Peak

The top of the mountain has a huge “footprint”. The Buddhists of Sri Lanka believe that it’s the footprint of Lord Buddha’s left foot. The Hindus claimed that the footprint belonged to Lord Shiva. Its English name – Adam’s Peak – stresses the belief of the Muslims and the Christians that it’s the first place that Adam set foot on Earth after leaving Heaven.
All these legends make it all the more exciting for visitors of this amazing place…
Adam’s Peak has become a significant pilgrimage place for several faiths, resulting in large numbers of locals making the 5,000-stair climb to significant pilgrimage place for several faiths, resulting in large numbers of locals making the 5,000-stair climb to the peak at 2,243 meters (7,359 feet) over 5 kilometers, during the months of November to May along a well-lit path. During off season which is from June to October, the area is usually cloudy, rainy and misty and the place is isolated yet some adventure lovers opt to climb Adam’s peak during off season, mostly during day time.
Access to the Adam’s Peak is possible by 6 trails: Hatton-Nallathanni, Ratnapura-Palabaddala, Kuruwita-Erathna, Murraywatte, Mookuwatte and Malimboda.
The view of sunrise from the peak is magical. All sense of community wash over you as you wait for that anticipated moment of the sun appears over the hills.
ශ්‍රී පාදස්ථානය|සමනල කන්ද

ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ යන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි, වලස්සු ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති.
ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක. එම මාර්ග ලෙස රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැඳින්විය හැක. මෙම මාර්ග 6 අතරින්, නල්ලතන්නි හා පලාබද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය.
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳුවැටියක් වන "සමනල කන්ද" කේතු හැඩැති කන්දකි. උච්චතම ස්ථානයේ උස මීටර 2215 කි. සිරිපා අඩවියේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380 ක් පමණ වේ. සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ තෙවන උසම කන්දයි. රත්නපුරය හා නුවරඑළිය යන දිසාවන්ට මැදිව පිහිටා තිබේ. මෙම පූජනීය ස්ථානය සිංහල බෞද්ධයන්ගේ වසර 2500 කට අධික ලිඛීත ඉතිහාස කතා ප්‍රවෘර්තින් තුල මේ පිළිබදව මනාව සදහන් වේ.
දේශගුණය සහ කාලගුණය
සමනල අඩවියේ වාර්ෂික වර්ෂාපතන සාමාන්‍ය මිලිමීටර් 5000 කි. වසරේ මාස හයක් පුරාවට ඉතා හොඳ වර්ෂාපතනයක් මෙහි පවතී. නිරිතදිග මෝසම පවතින මැයි - ජුනි - ජුලි මාසවලදී වැඩිම වර්ෂාපතනය සමනල අඩවියට ලැබේ. දෙසැම්බර් - ජනවාරි - පෙබරවාරි දක්‌වා ලැබෙන ඊසාන දිග මෝසමේදී ලැබෙන වර්ෂාපතනය ඉතා අඩුය. එබැවින් කාලගුණික බාධා මෙම සමයේදී අවම බැවින් ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ආරම්භව වෙසක් පොහොය දක්‌වා පවතී. නිරිතදිග මෝසම් සමයේදී ගණ, තද මිහිදුම් පතනයක්‌ද සමනල අඩවියට තිබේ. මෙනිසා මෙම සමයේදී අධික සීත දේශගුණයක් සමනල අඩවියෙන් හා ශ්‍රීපාද මළුවෙන් වාර්තාවේ. මෙහි වාර්ෂික උෂ්ණත්ව සාමාන්‍ය සෙන්ටි්‍රග්‍රේඩ් අංශක 15 කි. එහෙත් මැයි - ජුනි - ජූලි සමයේදී අංශක - 5-10 දක්‌වා වුවද උෂ්ණත්වය පහළ බැසිය හැකිය.
ඉතිහාස කතාව
බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී, බුදුන්වහන්සේ ලංකාවට තෙවන වරට වැඩම කලේ කැළණියේ නා රජුගේ ආරාධනයක් අනුව ය. එම ගමනේ දී සුමන සමන් දෙවියන් ගේ ආරාධනයෙන් සමනොළ ගිර සිරිපද සළකුණ පිහිටුවන්නට ඇතැයි බෞද්ධයෝ විශ්වාස කරති. ඒ අනුව වන්දනාමාන පූජෝපහාර දක්වති.සම්බුදු සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසු කළ යුතු ස්ථාන කීපයකි. මකර තොරණ, ශීත ගඟුල, අහස් ගව්ව, හැර මිටි පාන, ඉදිකටුපාන, ගෙත්තම්පාන, ධර්මරාජගල, ගෝන තැන්න, ඇහැතු කණුව, මහගිරි දඹය, සිරිපා මළුව හා සිරිපා පද්මය හා දොලොස් මහේ පහන ආදියයි. සිරිපා මළුවට යන බැතිමත්හු සම්බුඳු සිරිපා වන්දනයෙන් පසු තමන් ගිය වාර ගණන අනුව ඝණ්ටාව නාද කිරීමට මහත් උනන්දුවක් දක්වති. එසේම හිරු සේවය නැරඹීමටද කවුරුත් දක්වන්නේ මහත් උනන්දුවකි.
Comments
Post a Comment